DEPT OF MACO

Tuesday 9 April 2019

සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය


සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය

දකුණු පළාතට ආවේණික සාම්ප්‍රදායික රිටිපන්න ක්‍රමය ආශ්‍රයෙන්


ධීවර කර්මාන්තය ලාංකීය සමාජය හා බැඳි පවතින සුවිශේෂී කර්මාන්තයක් ලෙස හඳුනාගත හැකිය. ඊට හේතුව ලෙස ශ්‍රී ලංකාව දුපත් රාජ්‍යයක් වීම මෙන්ම ධීවර කර්මාන්තය මෙරට සුවිශේෂී වැදගත්කමක් හිමී කර්මාන්ත අතරින් එකක් විම ද පෙන්වාදීය හැකිය. මෙරට ධීවර කර්මාන්තයට ඉතා දිගු ඉතිහාසයක් පවතින අතර එය කවදා කවරෙකු විසින් කොතනක ආරම්භ කළේ ද යන්න පිළිබඳ අදහසක් නොමැත.
 කලපු සහ ගං මෝයේ ද, වෙරළාසන්න නොගැඹුරු මුහූදේ ද සම්ප්‍රදායික ධීවර කර්මාන්තය එකළ ව්‍යාප්තව පවතින්නට ව්ය. ඒ සඳහා ඔවුන් විවිධ උපාය උපක්‍රම භාවිතා කරන්නට වූ අතර ඒවා සාම්ප්‍රදායික ධීවර ආම්පන්න වශයෙන් හඳුනාගත හැකිය. සමාජය නවීකරණයට භාජනය විමත්, තාක්ෂණය දියුණු විමත්, යන කරුණු පදනම් කොට ගෙන අද වන විට ධීවර කර්මාන්තය ද නවීකරණය වෙමින් කර්මාන්තකරණයට ලක් වී තිබේ. මෙකී වාතාවරණය තුළ වූව ද ලාංකීය ධීවර සමාජය තුළ තවමත් සම්ප්‍රදායික ධීවර ශීල්පීය ක්‍රම අභාවයට නොයා පැවතීම සතුටට කරුණක් ලෙස පෙන්වාදීමට පුළුවන.
ශ්‍රී ලංකාවේ කරදිය ධීවර කර්මාන්තය ක්‍රියාත්මක දිස්ත්‍රික් ධීවර ව්‍යාප්ති නිලධාරී කොට්ටාස ලෙස යාපනය, පුත්තලම, මීගමුව, ත්‍රිකුණාමලය, මන්නාරම, මාතර, ගාල්ල, මඩකලපුව, කල්මුණේ, මුලතිවු, කළුතර, බේරුවල, හම්බන්තොට හා කොළඔ යන කොට්ටාස 14 පෙන්වාදිය හැකිය. 
සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය පිළිබඳ කතා කිරිමේදී සාම්ප්‍රදායික ධීවර මෙහෙයුම් පිළිබඳ අධ්‍යයනය කිරිම වැදගත් වේ. මෙහිදී වැඩි වැදගත්කමක් හිමි වන්නේ භාවිතා කරනු ලබන පන්න ක්‍රම උදෙසාය. ඒ අතර කටුදැල් පන්නය, රිටි පන්නය හා ජා කොටු පන්නය වැදගත් වන අතර ඒවා වෙරළබඩ ගා්‍රමීය ප්‍රජාවට ජීවිකාව සලසන අතර පරිසරයට හා සම්පත්වලට අහිතකර බලපෑමක් ඇති නොකරයි. 
මෙකී පන්න ක්‍රම අතරින් දකුණු පළාතට ආවේණික පන්න ක්‍රමය ලෙස රිටි පන්නය පෙන්වාදිය හැකිය. රිටි පන්න ( ිඑසකඑ සෙියසබට * පිත්ත සහ යොත භාවිතා කරනු ලබන පන්න ක්‍රමයකි. දකුණේ වෙරළාසන්න මුහුදේ, වෙරළේ සිට මීටර 25ක පමණ දුරින් හිරිගල් පර මත සිටුවන ලද රිටක බැඳි දෙබලක් මත හිඳ මසුන් ඇල්ලිමේ යෙදෙන අපුරු ක්‍රමයකි. රිටිපන්න ධීවරයෝ මසුන් ඇල්ලීම සඳහා ඇමුණුමක් නැති බිලි කටු භාවිතා කරති. එසේම මසුන් අල්ලා ගැනීම සඳහා ඇමක් ද  භාවිතා නොකරයි.
රිටි පන්නය කවදා ආරම්භ වූයේ දැයි දැනගැනීමට පැහැදිලි සාක්ෂී නොමැති අතර මීට අඩසියවසකට පෙර දෙවන ලෝක මහා සංග්‍රාමයට පසුව එහි ආරම්භය සිදුවන්නට ඇතැයි යන්න ඇතැමෙක්ගේ මතයයි. මෙහි මසුන් මැරිම සඳහා යොදාගනු ලබන්නේ පදම් කළ කිතුල් පිත්තකි. එය සිහින්ය. එසේම සැහැල්ලුය. මීටර 2 සිට 4 දක්වා දිගින් යුක්තය. මසුන් මැරිම කරනු ලබන්නේ දීවා කාලයේදී ය. එහෙත් එයද දවල් කාලයේ උදැසන හා සන්ධ්‍යා කාලයේ පැය කිහිපයකට ද පමණක් සීමා වේ. 
ධීවරයින් එක් අතකින් රිට තදින් ග්‍රහණය කරගන්නා අතරම අනෙක් අතින් පිත්ත හා යොත මෙහෙයවා මසුන් අල්ලනු ලබයි. රිට එකට යා කරමින් වැටක් සේ සෑදු අවස්ථා ද දක්නට ලැබේ. එවිට ඒ මත නැග එක් වරකට එක් ධීවරයෙකුට වඩා මසුන් ඇල්ලීමේ කාර්යයේ නියතු විය හැක.
මෙම මසුන් මැරීමේ ක්‍රමය හැඳින්විම සඳහා “ රිටිපන්නය ” යන නම යොදාගෙන ඇත්තේ රිටක් මත සිට කරනු ලබන බිලි බෑමක් නිසා වන්නට ඇත. එම රිට සඳහා සුවිශේෂී දැව වර්ග භාවිතා කෙරේ. මේ සඳහා දොඔ, කදුරු, ගොරකා, ඇලස්ටෝනීයා වැනි දැව වර්ග භාවිතා කරයි. වඩාත් ජනප්‍රිය දැව වර්ගය වන්නේ ඇලස්ටෝනීයා නම් ශාක විශේෂයයි. එහෙත් අද වන විට ලී  රිට වෙනුවට යකට ඉනිද දැන් භාවිතයේ ඇත. 
එහි විශේෂත්වය වන්නේ මෙම ක්‍රමයෙන් මසුන් ඇල්ලීම ශ්‍රී ලංකාවේ වෙනත් කවර ප්‍රදේශයකදී හෝ දක්නට නොලැබෙන එහෙත් දකුණේ දී ද මෙවන් අපුරු දසුනක් නැරඔිය හැක්කේ ගාල්ලට නුදුරු කොග්ගල, අහංගම සහ කතලුව වෙරළේ දී පමණක් විම නිසාය.
එය සරලය. එහෙත් සිත්ගන්නා සුලුය. ඇවිලුමක් නැති බිලි කටුව ගමේ කම්මලේ නිමවුමකි. ඒ සඳහා මල නොබැදෙන වානේ පමණක් භාවිත කෙරේ. එය කුසලතා පිරි රැකියාවකි. බොහෝ විදේශීකයන් මෙය නැරඔීම සඳහා විශේෂ උනන්දුවක් දක්වන්නේ ඒ නිසාය. එබැවින් සාම්ප්‍රදායික රිටිපන්න ධීවර ශිල්ප ක්‍රමය මෙරට ජනයාගේ ජීවිතය සරි කරන අතරම රටට විදේශ විනිමය ඉපැයීම සඳහා වෙරළබඩ සංචාරක කර්මාන්තයට ද දායක වේ.









                                                                       


                                                                            එච්. ජී. එන්. සෙව්වන්දි.
                                                                            ජනසන්නිවේදන අධ්‍යයන අංශය
                                                                            කැලණිය විශ්ව ව්ද්‍යාලය