DEPT OF MACO

Monday 5 August 2019

පරිවර්තන අධ්‍යනය

පරිවර්තන අධ්‍යනය 

පරිවර්තනය යන්න ‘ පරි ‘ පුර්ව වෘත් ධාතුවෙන් සැකසි ඇත. වැටිම, පෙරලීම යන පද තුළ එහි සරල අර්ථ ජනනය කරයි. සින්හල ශබ්දකෝෂ කතුවරුන් පරිවර්තනය යන පදය අර්ථකතනය කරන්නේ පෙරලීම, හැරිම, මරු කිරිම, අන් බසකට නැගිම, කරකැවිම, සැරිසැරිම, හුවමාරු කිරිම යන ආදී වශයෙනි.

එක් භාෂාවකින් තවත් භාෂාවකට මාරු කිරිම, මුල් භාෂාවෙන් වෙනත් භාෂාවකට නැවත පිටපත් කිරිම, විදේශීය සාහිත්‍ය නිර්මාණයක් ස්ව භාෂාවට පෙරලීම යනාදීය  යන ඉංග්‍රිසි වචනයේ අර්ථය ලෙස යෙදී ඇත.

භාෂා හා සංස්කෘතීන් අතර සන්නිවේදනය සඳහා පරිවර්තනය අත්‍යාවශ්‍ය සධකයක් ලෙස පෙන්වාදීය හැකිය. පරිවර්තනය සුවිශේෂී කලාවකි. පරිවර්ථනයක් යනු එක් බසකින් තවත් ලේඛනයක් පෙරලීම පමනක් නොවන අතර මුලු මහත් සංස්කෘතියක් ම එය නොදන්නා අයෙකුට හඳුන්වාදීමක් ලෙස පෙන්වදිය හැකිය. මේ හෙතුවෙන් පරිවර්තන ක්ෂේත්‍රයෙහි තම අධ්‍යන කටයුතුවල නියෙලුනු විවිද විද්වතුන් භාෂා පරිවර්තනය යන්න කුමක්දැයී නිර්වචනය කොට තිබේ.

“ භාෂා පරිවර්තනය යන්නෙහි අන්තර්ගත වන්නේ මුල භාෂාවේ අදහස් ඇතුලත් කෘති වර්ණීත, අස්වාභාවික සමතාවයෙන් යුතු අර්ථ මගින් ලක්ෂ්‍ය භාෂාවේ එම අර්ථය ප්‍රතිනිර්මාණය කිරීමත්, එම ක්‍ෂේත්‍රය අධ්‍යයනය කිරීමත් ය.

               - ඊ. නීඩා -

“ එක් භාෂාවකින් ඇති ලිඛ්ත පණිවිඩයක් හෝ ප්‍රකාශයක් තවත් භාෂාවකින් එම පණිවිඩය එසේත් නැත්නම් ප්‍රකාශය සමතාවයෙන් යුතු අර්ථ මගින් ලක්ෂ්‍ය භාෂාවට නැවත පත් කිරිමට ප්‍රයත්න දැරිම භාෂා පරිවර්තනය යි.

               -ජේ. සී. කැට්ෆෝඩ් -

“ මුල භාෂාවේ පාඨ ලක්ෂ්‍ය භාෂාවෙන් ඒ වෙනුවට යෙදීමේ හෝ ලක්ෂ්‍ය භාෂාවට නැවත පත් කිරීමේ කාර්යය එසේත් නැතිනම් මෙහෙයුම පරිවර්තනය යි.

                - පීටර් නිව්මාර්ක් -

“එක් භාෂාවකින් ඇති යමක් තවත් භාෂාවකට අනුවර්තනය කිරීම භාෂා පරිවර්තනය යි. 

                - රැඩල් පඬීවරයා -

භාෂා පරිවර්තනය යනු එක් භාෂාවකින් පවත්නා යමක් වෙන්ත් භාෂාවකට හැර්වීමයි. පරිවර්තනය වූ කලී ලෝකයේ විවිධ රටවල අතීතයේ විසුවා වූ ද, වර්තමනයේ වෙසෙන්නා වූ ද, මිනිසගේ ඥාන සම්භාරයත්, වින්දන සම්භාරයත්, සංඛාත නිර්මාණ සාහිත්‍යයත් එක් එක් භාෂා දන්නා මිනිසුන් අතර බේදාහදා ගත හැකි මාර්ගයකි.

එක් භාෂාවක පවත්නා කෘතියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේදී අනුගමනය කළ යුතු යැයි පොදුවේ පිළිගැනෙන ක්‍රමවේදයක් නොපවතින අතර පරිවර්තකයෝ තම අභිමතය පරිදි විවිධ පරිවර්තන ක්‍රමවේද භාවිතා කරති. සාහිත්‍ය පරිවර්තනයේ දී අනුගමනය කෙරෙන ක්‍රමවේද අතරින් පරිවර්තනයට හා අනුවර්තනයට වැදගත් තැනක් හිමි වේ.

මුල් කෘතිය අඩු වැඩි නොකර ලක්ෂ්‍ය භාෂාවෙන් ඉදිරිපත් කිරිම පරිවර්තනය ලෙස ද මුල් කෘතිය ලේඛකයාගේ අභිමතය අනුව යම් යම් දේ අඩු වැඩි සහිතව අනෙක් භාෂාවට හැරවිම අනුවර්තනය ලෙස ද බොහෝ විට සැලකේ.

භාෂා පරිවර්තන අධ්‍යයන පිලිබඳ රවුට්ලෙජ් විශ්වකෝෂය අනුවර්තනය නිර්වචනය කරනු ලබන්නේ මෙසේය.

“පරිවර්තනයක් ලෙස සැලකිය නොහැකි නමුත් මුල් කෘතියේ කොටස් අඩු නොවන පරිදි නිරෑපණය කෙරෙන සේ එය වෙනත් භාෂාවකට හරවන ක්‍රමවේද වල එකතුවක් වශයෙන් අනුවර්තනය හැඳින්විය හැකිය.

පරිවර්තන ක්‍රමවේදයක් වශයෙන් අනුවර්තනය යොදා ගැනීමේ අවශ්‍යතාව මතු වන්නේ මුල් නිර්මාණයෙහි එන පසුතලය ලක්ෂ්‍ය භාෂාවට අදාළව නොපවතින විටය. පරිවර්තනයෙදී යම් ආකාරයක ප්‍රතිනිර්මාණයක් සිදු කිරිම මේහිදි අවශ්‍ය වේ. මුල් කෘතිය හා පරිවර්තනය අතර මතුවිය හැකි සංස්කෘතික නොගැලපිම් නැමැති බාදකය ඉක්මවා ගොස් ඒ අතර සමරූපතාව පවත්වාගත හැකි පරිවර්තන ක්‍රමවේදයක් වශයෙන් අනුවර්තනය පෙන්වදිය හැකිය.

සෑම භාෂාවකටම එයට ආවේණික වූ වචන, යෙදුම් හා උපමා ආදීය පවති. මේවායින් සමහරක් පරිවර්තනය කිරිම දුෂ්කරය. එසේ කළ ද මුල් කෘතියේ අර්ථය තවදුරටත් රඳා නොපවති. මේ හේතුවෙන් දක්ෂ පරිවර්තකයෙකු සිදු කරන්නේ එයට ආසන්න අරුත් ඇති වචනයක්, යෙදුමක් හෝ උපමාවක් පරිවර්තන භාෂාවෙන් ගෙන් භාවිතා කිරිමයි. මේ සඳහා වාග් විද්‍යාත්මක දැනුමට අමතරව භාෂා දෙකෙහිම සංස්කෘතික පසුබිම ගැන ද හොඳ අවබෝධයක් පැවතිය යුතුය. එය ද්ව්භාෂීකත්වය ලෙස හදුන්වයි.

ද්ව්භාෂීකත්වය යනු හුදෙක් භාෂා දෙකක් කියවිමට, ලීවිමට හැකි විම හා වචන සමුදායක් දැන සිටිම පමණක් නොවන අතර ඒකී භාෂා මව් බස ලෙස යොදා ගන්නා ජනයගේ සංස්කෘතික හා ඓතිහාසික පසුබිම, සමාජීය නැඹුරැව, දේශපාලන ප්‍රවනතා ආදීය ද දැන සිටිම වැදගත් වේ.