නුඹ මුල් පොකුර වී ගියදා පොළව යට
මම මල් පොකුර වී පිපුනෙමී තුරු හිසක
පොහොරද ජලය උරමින් මා පොහොණී කොට
නුඹමයි පිබිදුවේ සුවදැති මල් මහිස
විඳ විඳ කටුක පොළවට මුල් පොකුරු පුරා
නුඹ ඇඳ දුන්නු සාරය ගෙන දිවිය පුරා
මුදු මල් පිපින තුරු හිස මත සුවඳ අරා
සුසවඳ විහිදුණීය එකසර දියත පුරා
ඒ මල් සුවඳ වෙත පෙම් සිත් ලොබ බැන්දා
මී මැසී බඹර කැළ විත් කඳවුරු බැන්ඳා
සුවඳ උරුමයක්වත් නුඹ නොලදින් දා
මගේ සුවඳ නුඹ හැර ලෝකෙම වින්දා
යමුනා මාලනී පෙරේරා
No comments:
Post a Comment