DEPT OF MACO

Wednesday 17 July 2019

අගමැති මාරුවිම

අගමැති මාරුවිම සම්බන්ධයෙන්, දේශය පුවත්පතේ වාර්තා ( 2018/11/25 )




2018 නොවැම්බර් 25 වෙනි දින දේශය පුවත්පතේ වාර්තා වූ ලිපි අතර මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්විමෙන් හට ගත් අර්බුද ගණනාවක් පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි. එහි සඳහන් වන්නේ වත්මන් ආණ්ඩුව පත් වී මාසයක් වන බවයි.

''නව ආණ්ඩුව පිහිටුවිමත් සමඟ හටගත් දේශපාලන අර්බුදයට හෙටට (26 ) මාසයක් සම්පුර්ණ වෙයි. හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තනතුරින් ඉවත් කොට නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළේ පසුගිය මස 26 දාය. ඉන් අනතුරුව දේශපාලන පක්ෂ මාරු ගණනාවක්ම සිදුවිය.'' 

එසේම මෙම දේශපාලන අර්බුදය මත ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කරන ලදි. මේ පිළිබඳව දේශය පුවත්පතේ මුල් පිටුවේ විශේෂ සඳහනක් දැකිය හැකිය. එනම ජනාධිපතිවරයා විසින් විසුරුවාහැරිමට නියෝග කළ පාර්ලිමේන්තුව නැවත කැඳවිමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් පත‍්‍රය අවලංගු කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරයි.

''පාර්ලිමේන්තුව විසුරුවාහැරිම සඳහා ජනාධිපතිවරයා නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත‍්‍රය අවලංගු කිරිමේ සුදානමක් ඇතැයි ඉහළ පෙළේ ආරංචී මාර්ග කියයි.''

ඒ අතර දේශය පුවත්පතේ මුල් පිටුවේ ඵල වූ තවත් ප‍්‍රවෘත්තියක අන්තර්ගත වන්නේ මෙම අහෝසි කිරිම නිත්‍යානුකුල නොවන බවයි. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කරුණු දක්වමින් සඳහන් කරනු ලබන්නේ මෙලෙස ජනපතිවරයාට පාර්ලිමේන්තුව නැවත කැඳවිමට බලයක් නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලබන්නේ පවත්නා නීතියට අනුවත් ජාත්‍යන්තරව පිළිගත් නීතිවලට අනුවත් ජනාධිපතිවරයාට එවැනි බලයක් නොමැති බවයි. මෙය නීතියට පටහැනි ක‍්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කරන්නට වේ.
ඔසේම මෙම අර්බුදය හේතුවෙන් රටේ පැන නැගී ඇති අස්ථාවර ස්වභාවය පිළිබඳව දේශය පුවත්පතේ ඇතුල් පිටු තුළ දිර්ඝ වශයෙන් සාකච්ජා කරන්නට වේ. දේශය පුවත්පතේ නොවැම්බර් 25 වෙනි දින අග‍්‍රාමාත්‍ය ධුරය සම්බන්ධව ඵල වූ වාර්තා මේ ආකාරයට විමර්ෂණය කළ හැක.


අගමැති මාරුවිම පිළිබඳ දේශය පුවත්පතේ ඇතුළත් වාර්තා ( 2018/12/02 )




2018 දෙසැම්බර් 02 වෙනිදා දේශය පුවත්පතේ මුල් පිටුවේ ඵල වූ ප‍්‍රධාන ශීර්ෂ පාඨ අතර අග‍්‍රාමාත්‍ය ධුරය මාරුවිම පිළිබඳව පක්ෂ විපක්ෂ මත ගණනාවක් අන්තර්ගත වේ. ඒ අතර මෙහි ප‍්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පුවත්පත වාර්තා කරනු ලබන්නේ ජනපතිගේ ප‍්‍රකාශයකි. එහි දැක්වෙන්නේ ,

''ජනපති තීන්දුව දෙසැම්බර් 10 ? ''

යනුවෙනි. ඒ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වත්මන් ආණ්ඩුව පිළිබඳව ගනු ලබන ඉදිරි තීරණය දෙසැම්බර් මස 10 වෙනිදා ප‍්‍රකාශයට පත් කරන බවයි. එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

''ජනපතිවරයා විසින් මැති සබය විසුරුවා හැරිමට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය දෙසැම්බර් 4 – 5 – 6 තෙදින තුළදී පැවැත්වෙන නිසා ඊට පෙර තීරණයක් නෙගත යුතු බව ජනාධිපතිවරයාගේ නීති උපදේශක ඔහුට උපදෙස් දී තිබේ. කෙසේ වෙතත් සිකුරාදා සවස එජාපය හා දෙමළ ජාතික සන්ධානය සමඟ පැවැත්වූ සාකච්ජාවෙන් පසු ලබන සතියේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද ජනධිපතිවරයා විශේෂ සාකච්ජාවක් පැවැත්වමට නියමිතය. ''

ඒ අනුව පැහැදිලි වන්නේ පවතින නීතිමය ගැටලූ නිසාවෙන් ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධව ගැටලූ මතුව ඇති බවයි. එබැවින් ඒ පිළිබඳ විශේෂ සාකච්ජාවක් ප‍්‍රධාන පාර්ශව සමඟින් සිදු කරන්නට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. පවතින ආණ්ඩුව ඉදිරියටත් රැුගෙන යනවාද යන්න ජනාධිපතිවරයා විසින් දෙසැම්බර් 10 වෙනිදා නිවේදනය කරන බව එහි දැක්වේ.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතාද විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබේ. ඔහු ප‍්‍රකාශ කර සිටින්නේ ක්ෂණික විශ්වාසභංග තමන් පිළිනොගන්නා බවයි. දේශය පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර ඇති මෙම ප‍්‍රවෘත්තියෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

''ස්ථාවර නීයෝගවලට සහ මැති සබා සම්ප‍්‍රදායට මෙන්ම නීතිවලට එකඟව න්‍යාය පත‍්‍රයකට ඇතුළත් කොට නිශ්චිත කාලයක් තුළ විශ්වාසභංගයක් සම්මත කළහොත් එවිට තමන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ක‍්‍රියා කරන බව ඔහු සඳහන් කළේය. ''

එසේම ඔහු තවදුරටත් සඳහන් කරනු ලබන්නේ තමන් 1970 සිට පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් හොදින් දන්නා බවත් තමන් කිසිදු දිනක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ ව්‍යවස්ථාවට පිටින් කටයුතු නොකරන බවයි. කෙසේ වෙතත් තමන් විපක්ෂය කියන කියන ආකාරයට තනතුරින් ඉවත්විමට සුදානම් නැති බවද ඔහු තවදුරටත් ප‍්‍රකාශ කරන්නට විය.
කතානායකවරයා සම්ප‍්‍රදායට හා නීති රීතිවලට ගරු කරමින් විධිමත් පක්ෂ නායක රැුස්විමක් කැඳවා අවශ්‍ය පියවර ගත යුතු බවද ඔහු ප‍්‍රකාශ කරන්නට විය. නමුත් මෙම සියලූ දේ සිදු කළ යුත්තේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු තීන්දුවෙන් පසුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නට විය.
මේ අතර නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් විය යුතු බවට රංජීත් මද්දුමබණ්ඩාර මහතා ප‍්‍රකාශ කරන්නට වේ. ඔහු සඳහන් කරනු ලබන්නේ විශ්වාසභංග යෝජනාව සම්මත වී ඇති බැවින් වහාම මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
''රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වී ඇත්තේ නිත්‍යානුකුලව නොවන බව පැවසු මන්ත‍්‍රීවරයා ඔහුට මේ දක්වා මැතිසබයේ බහුතර සහය ඇති බව පෙන්වාදීමට නොහැකි වී ඇති බවද කීය. ''




ඒ අනුව එජාපයට අගමැති ධුරය හිමි විය යුතු බව ඔහු තවදුරටත් සඳහන් කරන්නට විය.
එසේම විශේෂ ලිපියක් හරහා පවතින දේශපාලන අර්බුදය පිළිබඳ කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය ඔසන්ත එන්. තල්පාවිල මහතා කරුණු සඳහන් කරන්නට වේ. එහිදී ඒ මහතා ප‍්‍රකාශ කරනු ලබන්නේ දැනට පවතින දේශපාලන අර්බුදයට හේතුව වන්නේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතින අපැහැදිලි ස්වභාවය බවයි. මේ සම්බන්ධව දිර්ඝ විග‍්‍රහයක් මෙහි අන්තර්ගත වේ.
එසේම දේශය පුවත්පතේ කාටුනය හරහාද පවතින දේශපාලන අර්බුදය පිළිඔිබු කරයි. එනම් එහි දැක්වෙන්නේ අග‍්‍රාමාත්‍ය ධුරය නම් බෙරය මහින්ද රාජපක්ෂ මහතාගේ කරේ ගැටගසා ඇති නමුත් ඔහුට එය වාදනය කළ නොහැක්කේ අත් පිටුපසට කොට බැඳ ඇති බැවිනි. ඒ අනුව බෙරය වාදනය කරනු ලබන්නේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බවයි. ඒ අනුව වත්මන් ආණ්ඩුවට බලය පැවතුනද වැඩ කරගෙන යාමට නොහැකි තත්වයක් ඇති බව එහි සඳහන් වේ.
මේ ආකාරයට දේශය පුවත්පත 2018 දෙසැම්බර් 02 දින අග‍්‍රාමාත්‍ය ධුරය වෙනස් විම මත රටේ දැනට පවතින දේශපාලන අර්බුදය පිළිබඳව විවිධ පැති හරහා කරුණු දක්වන්නට යෙදෙයි.

No comments:

Post a Comment