DEPT OF MACO

Monday 5 August 2019

පරිවර්තන අධ්‍යනය

පරිවර්තන අධ්‍යනය 

පරිවර්තනය යන්න ‘ පරි ‘ පුර්ව වෘත් ධාතුවෙන් සැකසි ඇත. වැටිම, පෙරලීම යන පද තුළ එහි සරල අර්ථ ජනනය කරයි. සින්හල ශබ්දකෝෂ කතුවරුන් පරිවර්තනය යන පදය අර්ථකතනය කරන්නේ පෙරලීම, හැරිම, මරු කිරිම, අන් බසකට නැගිම, කරකැවිම, සැරිසැරිම, හුවමාරු කිරිම යන ආදී වශයෙනි.

එක් භාෂාවකින් තවත් භාෂාවකට මාරු කිරිම, මුල් භාෂාවෙන් වෙනත් භාෂාවකට නැවත පිටපත් කිරිම, විදේශීය සාහිත්‍ය නිර්මාණයක් ස්ව භාෂාවට පෙරලීම යනාදීය  යන ඉංග්‍රිසි වචනයේ අර්ථය ලෙස යෙදී ඇත.

භාෂා හා සංස්කෘතීන් අතර සන්නිවේදනය සඳහා පරිවර්තනය අත්‍යාවශ්‍ය සධකයක් ලෙස පෙන්වාදීය හැකිය. පරිවර්තනය සුවිශේෂී කලාවකි. පරිවර්ථනයක් යනු එක් බසකින් තවත් ලේඛනයක් පෙරලීම පමනක් නොවන අතර මුලු මහත් සංස්කෘතියක් ම එය නොදන්නා අයෙකුට හඳුන්වාදීමක් ලෙස පෙන්වදිය හැකිය. මේ හෙතුවෙන් පරිවර්තන ක්ෂේත්‍රයෙහි තම අධ්‍යන කටයුතුවල නියෙලුනු විවිද විද්වතුන් භාෂා පරිවර්තනය යන්න කුමක්දැයී නිර්වචනය කොට තිබේ.

“ භාෂා පරිවර්තනය යන්නෙහි අන්තර්ගත වන්නේ මුල භාෂාවේ අදහස් ඇතුලත් කෘති වර්ණීත, අස්වාභාවික සමතාවයෙන් යුතු අර්ථ මගින් ලක්ෂ්‍ය භාෂාවේ එම අර්ථය ප්‍රතිනිර්මාණය කිරීමත්, එම ක්‍ෂේත්‍රය අධ්‍යයනය කිරීමත් ය.

               - ඊ. නීඩා -

“ එක් භාෂාවකින් ඇති ලිඛ්ත පණිවිඩයක් හෝ ප්‍රකාශයක් තවත් භාෂාවකින් එම පණිවිඩය එසේත් නැත්නම් ප්‍රකාශය සමතාවයෙන් යුතු අර්ථ මගින් ලක්ෂ්‍ය භාෂාවට නැවත පත් කිරිමට ප්‍රයත්න දැරිම භාෂා පරිවර්තනය යි.

               -ජේ. සී. කැට්ෆෝඩ් -

“ මුල භාෂාවේ පාඨ ලක්ෂ්‍ය භාෂාවෙන් ඒ වෙනුවට යෙදීමේ හෝ ලක්ෂ්‍ය භාෂාවට නැවත පත් කිරීමේ කාර්යය එසේත් නැතිනම් මෙහෙයුම පරිවර්තනය යි.

                - පීටර් නිව්මාර්ක් -

“එක් භාෂාවකින් ඇති යමක් තවත් භාෂාවකට අනුවර්තනය කිරීම භාෂා පරිවර්තනය යි. 

                - රැඩල් පඬීවරයා -

භාෂා පරිවර්තනය යනු එක් භාෂාවකින් පවත්නා යමක් වෙන්ත් භාෂාවකට හැර්වීමයි. පරිවර්තනය වූ කලී ලෝකයේ විවිධ රටවල අතීතයේ විසුවා වූ ද, වර්තමනයේ වෙසෙන්නා වූ ද, මිනිසගේ ඥාන සම්භාරයත්, වින්දන සම්භාරයත්, සංඛාත නිර්මාණ සාහිත්‍යයත් එක් එක් භාෂා දන්නා මිනිසුන් අතර බේදාහදා ගත හැකි මාර්ගයකි.

එක් භාෂාවක පවත්නා කෘතියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේදී අනුගමනය කළ යුතු යැයි පොදුවේ පිළිගැනෙන ක්‍රමවේදයක් නොපවතින අතර පරිවර්තකයෝ තම අභිමතය පරිදි විවිධ පරිවර්තන ක්‍රමවේද භාවිතා කරති. සාහිත්‍ය පරිවර්තනයේ දී අනුගමනය කෙරෙන ක්‍රමවේද අතරින් පරිවර්තනයට හා අනුවර්තනයට වැදගත් තැනක් හිමි වේ.

මුල් කෘතිය අඩු වැඩි නොකර ලක්ෂ්‍ය භාෂාවෙන් ඉදිරිපත් කිරිම පරිවර්තනය ලෙස ද මුල් කෘතිය ලේඛකයාගේ අභිමතය අනුව යම් යම් දේ අඩු වැඩි සහිතව අනෙක් භාෂාවට හැරවිම අනුවර්තනය ලෙස ද බොහෝ විට සැලකේ.

භාෂා පරිවර්තන අධ්‍යයන පිලිබඳ රවුට්ලෙජ් විශ්වකෝෂය අනුවර්තනය නිර්වචනය කරනු ලබන්නේ මෙසේය.

“පරිවර්තනයක් ලෙස සැලකිය නොහැකි නමුත් මුල් කෘතියේ කොටස් අඩු නොවන පරිදි නිරෑපණය කෙරෙන සේ එය වෙනත් භාෂාවකට හරවන ක්‍රමවේද වල එකතුවක් වශයෙන් අනුවර්තනය හැඳින්විය හැකිය.

පරිවර්තන ක්‍රමවේදයක් වශයෙන් අනුවර්තනය යොදා ගැනීමේ අවශ්‍යතාව මතු වන්නේ මුල් නිර්මාණයෙහි එන පසුතලය ලක්ෂ්‍ය භාෂාවට අදාළව නොපවතින විටය. පරිවර්තනයෙදී යම් ආකාරයක ප්‍රතිනිර්මාණයක් සිදු කිරිම මේහිදි අවශ්‍ය වේ. මුල් කෘතිය හා පරිවර්තනය අතර මතුවිය හැකි සංස්කෘතික නොගැලපිම් නැමැති බාදකය ඉක්මවා ගොස් ඒ අතර සමරූපතාව පවත්වාගත හැකි පරිවර්තන ක්‍රමවේදයක් වශයෙන් අනුවර්තනය පෙන්වදිය හැකිය.

සෑම භාෂාවකටම එයට ආවේණික වූ වචන, යෙදුම් හා උපමා ආදීය පවති. මේවායින් සමහරක් පරිවර්තනය කිරිම දුෂ්කරය. එසේ කළ ද මුල් කෘතියේ අර්ථය තවදුරටත් රඳා නොපවති. මේ හේතුවෙන් දක්ෂ පරිවර්තකයෙකු සිදු කරන්නේ එයට ආසන්න අරුත් ඇති වචනයක්, යෙදුමක් හෝ උපමාවක් පරිවර්තන භාෂාවෙන් ගෙන් භාවිතා කිරිමයි. මේ සඳහා වාග් විද්‍යාත්මක දැනුමට අමතරව භාෂා දෙකෙහිම සංස්කෘතික පසුබිම ගැන ද හොඳ අවබෝධයක් පැවතිය යුතුය. එය ද්ව්භාෂීකත්වය ලෙස හදුන්වයි.

ද්ව්භාෂීකත්වය යනු හුදෙක් භාෂා දෙකක් කියවිමට, ලීවිමට හැකි විම හා වචන සමුදායක් දැන සිටිම පමණක් නොවන අතර ඒකී භාෂා මව් බස ලෙස යොදා ගන්නා ජනයගේ සංස්කෘතික හා ඓතිහාසික පසුබිම, සමාජීය නැඹුරැව, දේශපාලන ප්‍රවනතා ආදීය ද දැන සිටිම වැදගත් වේ. 

Thursday 1 August 2019

නුඹ මුල් පොකුර වී ගියදා පොළව  යට
මම මල් පොකුර වී පිපුනෙමී තුරු හිසක
පොහොරද ජලය උරමින් මා පොහොණී කොට 
නුඹමයි පිබිදුවේ සුවදැති මල් මහිස

විඳ විඳ කටුක පොළවට මුල් පොකුරු පුරා 
නුඹ ඇඳ දුන්නු සාරය ගෙන දිවිය පුරා 
මුදු මල් පිපින තුරු හිස මත සුවඳ අරා 
සුසවඳ විහිදුණීය එකසර දියත පුරා 

ඒ මල් සුවඳ වෙත පෙම් සිත් ලොබ බැන්දා 
මී මැසී බඹර කැළ විත් කඳවුරු බැන්ඳා 
සුවඳ උරුමයක්වත් නුඹ නොලදින් දා 
මගේ සුවඳ නුඹ හැර ලෝකෙම වින්දා 

       යමුනා මාලනී පෙරේරා 

Wednesday 17 July 2019

අගමැති මාරුවිම

අගමැති මාරුවිම සම්බන්ධයෙන්, දේශය පුවත්පතේ වාර්තා ( 2018/11/25 )




2018 නොවැම්බර් 25 වෙනි දින දේශය පුවත්පතේ වාර්තා වූ ලිපි අතර මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්විමෙන් හට ගත් අර්බුද ගණනාවක් පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි. එහි සඳහන් වන්නේ වත්මන් ආණ්ඩුව පත් වී මාසයක් වන බවයි.

''නව ආණ්ඩුව පිහිටුවිමත් සමඟ හටගත් දේශපාලන අර්බුදයට හෙටට (26 ) මාසයක් සම්පුර්ණ වෙයි. හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තනතුරින් ඉවත් කොට නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළේ පසුගිය මස 26 දාය. ඉන් අනතුරුව දේශපාලන පක්ෂ මාරු ගණනාවක්ම සිදුවිය.'' 

එසේම මෙම දේශපාලන අර්බුදය මත ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කරන ලදි. මේ පිළිබඳව දේශය පුවත්පතේ මුල් පිටුවේ විශේෂ සඳහනක් දැකිය හැකිය. එනම ජනාධිපතිවරයා විසින් විසුරුවාහැරිමට නියෝග කළ පාර්ලිමේන්තුව නැවත කැඳවිමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් පත‍්‍රය අවලංගු කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරයි.

''පාර්ලිමේන්තුව විසුරුවාහැරිම සඳහා ජනාධිපතිවරයා නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත‍්‍රය අවලංගු කිරිමේ සුදානමක් ඇතැයි ඉහළ පෙළේ ආරංචී මාර්ග කියයි.''

ඒ අතර දේශය පුවත්පතේ මුල් පිටුවේ ඵල වූ තවත් ප‍්‍රවෘත්තියක අන්තර්ගත වන්නේ මෙම අහෝසි කිරිම නිත්‍යානුකුල නොවන බවයි. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කරුණු දක්වමින් සඳහන් කරනු ලබන්නේ මෙලෙස ජනපතිවරයාට පාර්ලිමේන්තුව නැවත කැඳවිමට බලයක් නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලබන්නේ පවත්නා නීතියට අනුවත් ජාත්‍යන්තරව පිළිගත් නීතිවලට අනුවත් ජනාධිපතිවරයාට එවැනි බලයක් නොමැති බවයි. මෙය නීතියට පටහැනි ක‍්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කරන්නට වේ.
ඔසේම මෙම අර්බුදය හේතුවෙන් රටේ පැන නැගී ඇති අස්ථාවර ස්වභාවය පිළිබඳව දේශය පුවත්පතේ ඇතුල් පිටු තුළ දිර්ඝ වශයෙන් සාකච්ජා කරන්නට වේ. දේශය පුවත්පතේ නොවැම්බර් 25 වෙනි දින අග‍්‍රාමාත්‍ය ධුරය සම්බන්ධව ඵල වූ වාර්තා මේ ආකාරයට විමර්ෂණය කළ හැක.


අගමැති මාරුවිම පිළිබඳ දේශය පුවත්පතේ ඇතුළත් වාර්තා ( 2018/12/02 )




2018 දෙසැම්බර් 02 වෙනිදා දේශය පුවත්පතේ මුල් පිටුවේ ඵල වූ ප‍්‍රධාන ශීර්ෂ පාඨ අතර අග‍්‍රාමාත්‍ය ධුරය මාරුවිම පිළිබඳව පක්ෂ විපක්ෂ මත ගණනාවක් අන්තර්ගත වේ. ඒ අතර මෙහි ප‍්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පුවත්පත වාර්තා කරනු ලබන්නේ ජනපතිගේ ප‍්‍රකාශයකි. එහි දැක්වෙන්නේ ,

''ජනපති තීන්දුව දෙසැම්බර් 10 ? ''

යනුවෙනි. ඒ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වත්මන් ආණ්ඩුව පිළිබඳව ගනු ලබන ඉදිරි තීරණය දෙසැම්බර් මස 10 වෙනිදා ප‍්‍රකාශයට පත් කරන බවයි. එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

''ජනපතිවරයා විසින් මැති සබය විසුරුවා හැරිමට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය දෙසැම්බර් 4 – 5 – 6 තෙදින තුළදී පැවැත්වෙන නිසා ඊට පෙර තීරණයක් නෙගත යුතු බව ජනාධිපතිවරයාගේ නීති උපදේශක ඔහුට උපදෙස් දී තිබේ. කෙසේ වෙතත් සිකුරාදා සවස එජාපය හා දෙමළ ජාතික සන්ධානය සමඟ පැවැත්වූ සාකච්ජාවෙන් පසු ලබන සතියේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද ජනධිපතිවරයා විශේෂ සාකච්ජාවක් පැවැත්වමට නියමිතය. ''

ඒ අනුව පැහැදිලි වන්නේ පවතින නීතිමය ගැටලූ නිසාවෙන් ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධව ගැටලූ මතුව ඇති බවයි. එබැවින් ඒ පිළිබඳ විශේෂ සාකච්ජාවක් ප‍්‍රධාන පාර්ශව සමඟින් සිදු කරන්නට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. පවතින ආණ්ඩුව ඉදිරියටත් රැුගෙන යනවාද යන්න ජනාධිපතිවරයා විසින් දෙසැම්බර් 10 වෙනිදා නිවේදනය කරන බව එහි දැක්වේ.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතාද විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබේ. ඔහු ප‍්‍රකාශ කර සිටින්නේ ක්ෂණික විශ්වාසභංග තමන් පිළිනොගන්නා බවයි. දේශය පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර ඇති මෙම ප‍්‍රවෘත්තියෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

''ස්ථාවර නීයෝගවලට සහ මැති සබා සම්ප‍්‍රදායට මෙන්ම නීතිවලට එකඟව න්‍යාය පත‍්‍රයකට ඇතුළත් කොට නිශ්චිත කාලයක් තුළ විශ්වාසභංගයක් සම්මත කළහොත් එවිට තමන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ක‍්‍රියා කරන බව ඔහු සඳහන් කළේය. ''

එසේම ඔහු තවදුරටත් සඳහන් කරනු ලබන්නේ තමන් 1970 සිට පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් හොදින් දන්නා බවත් තමන් කිසිදු දිනක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ ව්‍යවස්ථාවට පිටින් කටයුතු නොකරන බවයි. කෙසේ වෙතත් තමන් විපක්ෂය කියන කියන ආකාරයට තනතුරින් ඉවත්විමට සුදානම් නැති බවද ඔහු තවදුරටත් ප‍්‍රකාශ කරන්නට විය.
කතානායකවරයා සම්ප‍්‍රදායට හා නීති රීතිවලට ගරු කරමින් විධිමත් පක්ෂ නායක රැුස්විමක් කැඳවා අවශ්‍ය පියවර ගත යුතු බවද ඔහු ප‍්‍රකාශ කරන්නට විය. නමුත් මෙම සියලූ දේ සිදු කළ යුත්තේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු තීන්දුවෙන් පසුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නට විය.
මේ අතර නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් විය යුතු බවට රංජීත් මද්දුමබණ්ඩාර මහතා ප‍්‍රකාශ කරන්නට වේ. ඔහු සඳහන් කරනු ලබන්නේ විශ්වාසභංග යෝජනාව සම්මත වී ඇති බැවින් වහාම මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
''රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වී ඇත්තේ නිත්‍යානුකුලව නොවන බව පැවසු මන්ත‍්‍රීවරයා ඔහුට මේ දක්වා මැතිසබයේ බහුතර සහය ඇති බව පෙන්වාදීමට නොහැකි වී ඇති බවද කීය. ''




ඒ අනුව එජාපයට අගමැති ධුරය හිමි විය යුතු බව ඔහු තවදුරටත් සඳහන් කරන්නට විය.
එසේම විශේෂ ලිපියක් හරහා පවතින දේශපාලන අර්බුදය පිළිබඳ කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය ඔසන්ත එන්. තල්පාවිල මහතා කරුණු සඳහන් කරන්නට වේ. එහිදී ඒ මහතා ප‍්‍රකාශ කරනු ලබන්නේ දැනට පවතින දේශපාලන අර්බුදයට හේතුව වන්නේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතින අපැහැදිලි ස්වභාවය බවයි. මේ සම්බන්ධව දිර්ඝ විග‍්‍රහයක් මෙහි අන්තර්ගත වේ.
එසේම දේශය පුවත්පතේ කාටුනය හරහාද පවතින දේශපාලන අර්බුදය පිළිඔිබු කරයි. එනම් එහි දැක්වෙන්නේ අග‍්‍රාමාත්‍ය ධුරය නම් බෙරය මහින්ද රාජපක්ෂ මහතාගේ කරේ ගැටගසා ඇති නමුත් ඔහුට එය වාදනය කළ නොහැක්කේ අත් පිටුපසට කොට බැඳ ඇති බැවිනි. ඒ අනුව බෙරය වාදනය කරනු ලබන්නේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බවයි. ඒ අනුව වත්මන් ආණ්ඩුවට බලය පැවතුනද වැඩ කරගෙන යාමට නොහැකි තත්වයක් ඇති බව එහි සඳහන් වේ.
මේ ආකාරයට දේශය පුවත්පත 2018 දෙසැම්බර් 02 දින අග‍්‍රාමාත්‍ය ධුරය වෙනස් විම මත රටේ දැනට පවතින දේශපාලන අර්බුදය පිළිබඳව විවිධ පැති හරහා කරුණු දක්වන්නට යෙදෙයි.

Monday 15 July 2019

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය






මොකක්ද මේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය කියන්නේ,

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය යනුවෙන් අදහස් වන්නේ ස්තී‍්‍රය සහ පුරුෂයා වශයෙන් ජීව විද්‍යාත්මක නොවන සමාජ සම්බන්ධතා නිසා සකස් වී ඇති සමාජ ලක්ෂණයකි. එනම් මානව ජීවියා ජීවවිද්‍යාත්මකව ස්තී‍්‍ර හා පුරුෂ වශයෙන් කොටස් දෙකකට බෙදේ. මෙම ලිංගක වෙනස නිසා ස්තී‍්‍රන් හා පුරුෂයින් කායික හා මානසික මෙන් ම අභ්‍යන්තර හා බාහිර වශයෙන් ද යම් යම් වෙනස් ලක්ෂණවලින් යුක්තවේ. එහෙත් එම වෙනසට වඩා ඉතා පුළුල් වෙනසක් සමාජය විසින් මෙම ස්තී‍්‍ර පුරුෂ දෙපක්ෂය අතර නිර්මාණය කර තිබේ. එයට අනුව පුරුෂයාට වඩා වෙනස් වූ අප‍්‍රධාන තත්වයක් ස්තී‍්‍රයට පවුල තුළ මෙන් ම සමාජය තුළත් හිමිකර දී තිබේ. මෙම දෙපක්ෂයට සමාජය විසින් පවරනු ලැබ ඇති කාර්යභාර්යන් එකිනෙකට වෙනස් ය. එසේම ස්තී‍්‍රන් හා පුරුෂයන් සම්බන්ධයෙන් පවතින ආකල්ප, සම්ප‍්‍රදායන් හා විශ්වාසයන් ද එකිනෙකට වෙනස් ය. එපමණක් නොව සමහර අවස්ථාවලදී ස්තී‍්‍රන් හා පුරුෂයන් සඳහා වන නීතිරීතිද වෙනස් වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස සාම්ප‍්‍රදායික සමාජයේ පමණක් නොව නුතන සමාජය තුළත් ස්තී‍්‍රය දෙවැනි ගණයේ පුරවැසියෙකුගේ තත්වයට පත් වී ඇත. 
කාන්තාව පිළිබඳ සමාජ අර්ථකතනය දෙස බලන විට පැහැදිලි වන්නේ එය ඒකකෘතික ( ීඑැරුදඑහචැ * ස්වභාවයක් ගන්නා බවකි. එනම් කාන්තාවට පැවරුණු යම් කිසි වැඩ රාමුවකට ඇයව නිරන්තරයෙන් ලඝු කොට දැක්විමට පුරුදුව තිබේ. ඇය සෑම විටම යමෙකුගේ රැුකවරණය යටතේ ජීවත් විය යුතු අතර, ඇයට තනිව කිසිදු කාර්යක් සිදු කළ නොහැකි බව අවධාරණය කරයි. ඇය ස්වධීනව තම කටයුතු සිදු කිරිමට යාම බරපතල වරදක් ලෙස සමාජය විසින් අර්ථකථනය කොට තිබේ. මේ හේතුවෙන් බොහෝ කාන්තාවන් පිඩාවට පත්ව ඇත.


 
  ස්තී‍්‍රය හා පුරුෂයා අතර පවතින වෙනස්කම් හේතුවෙන් ඔවුන්ව විශේෂයෙන් බැහැර කිරිමටකට ලක් කළ නොහැකි ය. එනම් ජන වර්ගය, වර්ණය, භාෂාව, ශරීර හැකියාව, පන්තිය, වාර්ගිකත්වය, සමාජ සම්භවය, දේශපාලන මතය, කුලය, ජාතිකත්වය, ආගම, ස්තී‍්‍ර පුරුෂ භාවය වැනි වෙනස්කම් මත ඔවුන්ට විශේෂත්වයක් දැක්විමට හෝ වෙනස්කමකට භාජනය කිරිමට ලක් නොවිය යුතුය. සම්ප‍්‍රදායික සමාජ සංස්ථාව තුළ පමණක්  නොව නුතන සමාජයේ ද මෙම කරුණු පදනම් කරගෙන බොහෝ විට පිඩාවට පත් වන්නේ කාන්තාවයි. ඒ හේතුවෙන් කාන්තාවගේ අයිතින් වෙනුවෙන් ලෝකයේ රාජ්‍ය සංවිධාන මෙන් ම සිවිල් සංවිධාන ද පෙළගැසෙන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ගේ අයිතින් වෙනුවෙන් වු නිතී සම්පාදනය වන්නට විය. මේ අතරින් කැපී පෙනෙන සම්මුතිය වන්නේ ස්තී‍්‍රන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කම් පිටු දැකිමේ සම්මුතිය හෙවත් සීඩෝ සම්මුතිය යි.
මානවයෙක් වශයෙන් උපත ලබන සෑම අයෙක්ටම සමජ සංස්ථාව තුළ ජීවත් විමට සමාන අයිතිවාසිකමක් පැවතිය යුතුය. එය සීමා කිරිමට කිසිවෙකුට අයිතියක් නොමැත. ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය යනුවෙන් හදුන්වන්නේ ස්තී‍්‍ර පුරුෂ බේදයකින් තොරව, සමාජය තුළ ජීවත් වීමට ඇති අයිතිය යි. 

Tuesday 9 April 2019

සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය


සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය

දකුණු පළාතට ආවේණික සාම්ප්‍රදායික රිටිපන්න ක්‍රමය ආශ්‍රයෙන්


ධීවර කර්මාන්තය ලාංකීය සමාජය හා බැඳි පවතින සුවිශේෂී කර්මාන්තයක් ලෙස හඳුනාගත හැකිය. ඊට හේතුව ලෙස ශ්‍රී ලංකාව දුපත් රාජ්‍යයක් වීම මෙන්ම ධීවර කර්මාන්තය මෙරට සුවිශේෂී වැදගත්කමක් හිමී කර්මාන්ත අතරින් එකක් විම ද පෙන්වාදීය හැකිය. මෙරට ධීවර කර්මාන්තයට ඉතා දිගු ඉතිහාසයක් පවතින අතර එය කවදා කවරෙකු විසින් කොතනක ආරම්භ කළේ ද යන්න පිළිබඳ අදහසක් නොමැත.
 කලපු සහ ගං මෝයේ ද, වෙරළාසන්න නොගැඹුරු මුහූදේ ද සම්ප්‍රදායික ධීවර කර්මාන්තය එකළ ව්‍යාප්තව පවතින්නට ව්ය. ඒ සඳහා ඔවුන් විවිධ උපාය උපක්‍රම භාවිතා කරන්නට වූ අතර ඒවා සාම්ප්‍රදායික ධීවර ආම්පන්න වශයෙන් හඳුනාගත හැකිය. සමාජය නවීකරණයට භාජනය විමත්, තාක්ෂණය දියුණු විමත්, යන කරුණු පදනම් කොට ගෙන අද වන විට ධීවර කර්මාන්තය ද නවීකරණය වෙමින් කර්මාන්තකරණයට ලක් වී තිබේ. මෙකී වාතාවරණය තුළ වූව ද ලාංකීය ධීවර සමාජය තුළ තවමත් සම්ප්‍රදායික ධීවර ශීල්පීය ක්‍රම අභාවයට නොයා පැවතීම සතුටට කරුණක් ලෙස පෙන්වාදීමට පුළුවන.
ශ්‍රී ලංකාවේ කරදිය ධීවර කර්මාන්තය ක්‍රියාත්මක දිස්ත්‍රික් ධීවර ව්‍යාප්ති නිලධාරී කොට්ටාස ලෙස යාපනය, පුත්තලම, මීගමුව, ත්‍රිකුණාමලය, මන්නාරම, මාතර, ගාල්ල, මඩකලපුව, කල්මුණේ, මුලතිවු, කළුතර, බේරුවල, හම්බන්තොට හා කොළඔ යන කොට්ටාස 14 පෙන්වාදිය හැකිය. 
සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය පිළිබඳ කතා කිරිමේදී සාම්ප්‍රදායික ධීවර මෙහෙයුම් පිළිබඳ අධ්‍යයනය කිරිම වැදගත් වේ. මෙහිදී වැඩි වැදගත්කමක් හිමි වන්නේ භාවිතා කරනු ලබන පන්න ක්‍රම උදෙසාය. ඒ අතර කටුදැල් පන්නය, රිටි පන්නය හා ජා කොටු පන්නය වැදගත් වන අතර ඒවා වෙරළබඩ ගා්‍රමීය ප්‍රජාවට ජීවිකාව සලසන අතර පරිසරයට හා සම්පත්වලට අහිතකර බලපෑමක් ඇති නොකරයි. 
මෙකී පන්න ක්‍රම අතරින් දකුණු පළාතට ආවේණික පන්න ක්‍රමය ලෙස රිටි පන්නය පෙන්වාදිය හැකිය. රිටි පන්න ( ිඑසකඑ සෙියසබට * පිත්ත සහ යොත භාවිතා කරනු ලබන පන්න ක්‍රමයකි. දකුණේ වෙරළාසන්න මුහුදේ, වෙරළේ සිට මීටර 25ක පමණ දුරින් හිරිගල් පර මත සිටුවන ලද රිටක බැඳි දෙබලක් මත හිඳ මසුන් ඇල්ලිමේ යෙදෙන අපුරු ක්‍රමයකි. රිටිපන්න ධීවරයෝ මසුන් ඇල්ලීම සඳහා ඇමුණුමක් නැති බිලි කටු භාවිතා කරති. එසේම මසුන් අල්ලා ගැනීම සඳහා ඇමක් ද  භාවිතා නොකරයි.
රිටි පන්නය කවදා ආරම්භ වූයේ දැයි දැනගැනීමට පැහැදිලි සාක්ෂී නොමැති අතර මීට අඩසියවසකට පෙර දෙවන ලෝක මහා සංග්‍රාමයට පසුව එහි ආරම්භය සිදුවන්නට ඇතැයි යන්න ඇතැමෙක්ගේ මතයයි. මෙහි මසුන් මැරිම සඳහා යොදාගනු ලබන්නේ පදම් කළ කිතුල් පිත්තකි. එය සිහින්ය. එසේම සැහැල්ලුය. මීටර 2 සිට 4 දක්වා දිගින් යුක්තය. මසුන් මැරිම කරනු ලබන්නේ දීවා කාලයේදී ය. එහෙත් එයද දවල් කාලයේ උදැසන හා සන්ධ්‍යා කාලයේ පැය කිහිපයකට ද පමණක් සීමා වේ. 
ධීවරයින් එක් අතකින් රිට තදින් ග්‍රහණය කරගන්නා අතරම අනෙක් අතින් පිත්ත හා යොත මෙහෙයවා මසුන් අල්ලනු ලබයි. රිට එකට යා කරමින් වැටක් සේ සෑදු අවස්ථා ද දක්නට ලැබේ. එවිට ඒ මත නැග එක් වරකට එක් ධීවරයෙකුට වඩා මසුන් ඇල්ලීමේ කාර්යයේ නියතු විය හැක.
මෙම මසුන් මැරීමේ ක්‍රමය හැඳින්විම සඳහා “ රිටිපන්නය ” යන නම යොදාගෙන ඇත්තේ රිටක් මත සිට කරනු ලබන බිලි බෑමක් නිසා වන්නට ඇත. එම රිට සඳහා සුවිශේෂී දැව වර්ග භාවිතා කෙරේ. මේ සඳහා දොඔ, කදුරු, ගොරකා, ඇලස්ටෝනීයා වැනි දැව වර්ග භාවිතා කරයි. වඩාත් ජනප්‍රිය දැව වර්ගය වන්නේ ඇලස්ටෝනීයා නම් ශාක විශේෂයයි. එහෙත් අද වන විට ලී  රිට වෙනුවට යකට ඉනිද දැන් භාවිතයේ ඇත. 
එහි විශේෂත්වය වන්නේ මෙම ක්‍රමයෙන් මසුන් ඇල්ලීම ශ්‍රී ලංකාවේ වෙනත් කවර ප්‍රදේශයකදී හෝ දක්නට නොලැබෙන එහෙත් දකුණේ දී ද මෙවන් අපුරු දසුනක් නැරඔිය හැක්කේ ගාල්ලට නුදුරු කොග්ගල, අහංගම සහ කතලුව වෙරළේ දී පමණක් විම නිසාය.
එය සරලය. එහෙත් සිත්ගන්නා සුලුය. ඇවිලුමක් නැති බිලි කටුව ගමේ කම්මලේ නිමවුමකි. ඒ සඳහා මල නොබැදෙන වානේ පමණක් භාවිත කෙරේ. එය කුසලතා පිරි රැකියාවකි. බොහෝ විදේශීකයන් මෙය නැරඔීම සඳහා විශේෂ උනන්දුවක් දක්වන්නේ ඒ නිසාය. එබැවින් සාම්ප්‍රදායික රිටිපන්න ධීවර ශිල්ප ක්‍රමය මෙරට ජනයාගේ ජීවිතය සරි කරන අතරම රටට විදේශ විනිමය ඉපැයීම සඳහා වෙරළබඩ සංචාරක කර්මාන්තයට ද දායක වේ.









                                                                       


                                                                            එච්. ජී. එන්. සෙව්වන්දි.
                                                                            ජනසන්නිවේදන අධ්‍යයන අංශය
                                                                            කැලණිය විශ්ව ව්ද්‍යාලය